Gossips

බීඩි කොළ කිලෝ 700කට වැඩි ප්‍රමාණයක් සමඟ සැකකරුවන් 5 දෙනෙකු අත්අඩංගුවට

කල්පිටිය – පාලවිය ප්‍රධාන මාර්ගයේ නාච්චිකල්ලිය ප්‍රදේශයේදී නීතිවිරෝධී ලෙස ඉන්දියාවේ සිට මුහුදු මාර්ගයෙන් මෙරටට රැගෙන එන ලද බීඩි කොළ කිලෝ 704යි ග්‍රෑම් 700ක් සමඟ සැකකරුවන් 5 දෙනෙකු පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ලොරි රථයකින් එම බීඩි කොළ තොගය ප්‍රවාහනය කරමින් සිටියදී අද අලූයම මෙලෙස පොලිස් භාරයට ගෙන ඇති බව සඳහන්.
කල්පිටිය, මන්නාරම යන ප්‍රදේශවල පදිංචි සැකකරුවන් 5 දෙනා අවුරුදු 19ත්, 50ත් අතර වයස්වල පසුවනවා.
ඔවුන් අද පුත්තලම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.