Gossips

බීච් පාටි ගැන පොලීසියෙන් විශේෂ මෙහෙයුම්

විවිධ ආයතන සහ සංවිධාන මඟින් මෙහෙය වන රාත්‍රී වෙරළ සාද සම්බන්ධයෙන් විශේෂ මෙහෙයුමක් සිදුකිරීමට පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය පියවර ගෙන තිබෙනවා.
පසුගිය දින කිහිපය තුළම දිවයිනේ විවිධ ප්‍රදේශවලින් වෙරළ සාදවල විෂමාචාර සම්බන්ධයෙන් තොරතුරු අනාවරණ වීමත් සමඟයි මෙම තීරණය ගෙන ඇත්තේ.
මෙම වෙරළ සාද ආශ්‍රිතව විවිධ විෂමචාරයන් සිදුවන අතර, වැඩි වශයෙන් හඳුනා නොගත් මත්ද්‍රව්‍ය එහිදී භාවිතයට ගන්නා බවට ද තොරතුරු අනාවරණ වී තිබෙනවා.
ඊට ආසන්නතම සිදුවීම පෙරේදා වාර්තා වූයේ ගල්කිස්ස ප්‍රදේශයේ වෙරළ තීරයේ සංවිධාන කර තිබූ වෙරළ සාදයක් සම්බන්ධයෙන්.
එහිදී මත්පෙති සහ ගංජා ළඟ තබා ගත් සැකකරුවන් 28 දෙනෙකු අත්අඩංගුවට ගනු ලැබුවා.
එමෙන්ම වාද්දුව ප්‍රදේශයේ වෙරළාසන්න හෝටලයක පසුගිය දා සංවිධානය කර තිබූ සාදයක් අතරතුරදී ඇති වූ හදිසි රෝගී තත්ත්වයක් හේතුවෙන් පුද්ගලයින් 04 දෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා.
ඒ අනුව මෙවන් සාදවලට සහභාගිවීමෙන් වළකින ලෙසටයි පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය තරුණ තරුණියන්ගෙන් ඉල්ලීමක් කළේ.