Gossips

බිල නොගෙවීමේ ප්‍රතිඵලය

කොළඹ – පුත්තලම ප්‍රධාන මාර්ගයේ දිනපතා සිදුවන සෑම දුම්රිය ගමන් වාරයකදීම තිල්අඩිය පිටරවුම් පාර අසල දුම්රිය හරස් මාර්ගයේ මුරකරුවන්ට කොඩිවලින් සංඥා කිරීමට සිදුව ඇති බව හිරු සී.අයි.ඒ. සිදුකළ විමර්ශනවලදී හෙළි වුණා.
මගී දුම්රියන්ට අමතරව අරුක්කාඩුවේ සිට පුත්තලම සිමෙන්ති කම්හලට හුණුගල් ගෙන එන දුම්රියන් ද ගමන් ගන්නේ මෙම මාර්ගය ඔස්සේයි.
සිමෙන්ති කර්මාන්තශාලාවේ උසස් නිලධාරියෙකු අප වෙත සදහන් කළේ මෙම මාර්ගය භාවිත කිරීම සදහා තම ආයතනය මාසිකව රුපියල් ලක්ෂ 20 කට අධික මුදලක් දුම්රිය දෙපාර්තමේන්තුවට ගෙවන බවයි.
මෙලෙස ලක්ෂ ගණනින් මුදල් ඉපැයූවද දුම්රිය දෙපාර්තමේන්තුව මෙම දුම්රිය ගේට්ටු ආරක්ෂක කුටියේ විදුලි බිල නොගෙවීම හේතුවෙන් පසුගිය මාර්තු 05 වැනිදා සිට ආරක්ෂිත ගේට්ටු පද්ධතියේ ද විදුලිය විසන්ධි කර තිබෙනවා.
දුම්රිය ගේට්ටු මුරකරුවන් චෝදනා කරන්නේ සංඥා ලාම්පු දැල්වීම සූර්ය පැනල මගින් සිදුවීම නිසා ජනතාව නොමඟ යන බවයි.
මෙහි සේවය කිරීමේදී ජනතාවගෙන් තමන් දැඩි දෝෂ දර්ශනයට ද ලක්වන බව ඔවුන් පවසනවා.