Gossips

බිරිඳ සමග ඇතිවූ ආරවුල නිසා සැමියා ගත් තීරණය(ඡායාරූප)

බිරිඳ සමග ඇතිවූ ආරවුලක් දුරදිග යාමෙන් පුද්ගලයෙකු සියදිවි හානිකරගෙන තිබෙනවා.
මෙලෙස මියගොස් ඇත්තේ බගවන්තලාව බ්‍රිඩ්වෙල් වතු යායේ පදිංචිව සිටි 39 හැවිරිදි දෙදරු පියෙක්.
දිනපතා බීමත්ව නිවසට පැමිණෙන මෙම පුද්ගලයා නිරන්තරයෙන් බිරිඳ සමග ආරවුලක් ඇති කර ගන්නා බවටයි අනාවරණ වී ඇත්තේ.
ඊයේ රාත්‍රියේ ද ඔවුන් දෙදෙනා අතර ආරවුලක් ඇතිවි ඇති අතර ඉන් සිත් තැවුලට පත්වු මෙම පුද්ගලයා අද උදෑසන නිවසේ කාමරයක ගෙල වැලලාගෙන මියගොස් තිබෙනවා.
මහේස්ත්‍රාත් පරීක්ෂණයෙන් අනතුරුව පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා නාවලපිටිය අධිකරණ වෛද්‍යවරයා වෙත යොමු කෙරුනා.
සිද්ධිය පිළිබඳ බගවන්තලාව පොලිසියයි විමර්ශණ මෙහෙයවන්නේ.

ඡායාරූප – හැටන් රංජිත් රාජපක්ෂ