Gossips

බිරිඳ මියගිය ශෝකයෙන් පොලිස් කොස්තාපල්වරයෙක් වෙඩි තබාගෙන මියයයි

ගොකරැල්ල පොලිසියට අනුයුක්තව රාජකාරී කළ කොස්තාපල්වරයෙක් සිය රාජකාරී ගිනි අවියෙන් වෙඩි තබාගෙන සියදිවි හානිකරගෙන තිබෙනවා.
අද රාත්‍රී 7.30 ට පමණ මෙම සියදිවි නසාගැනීම සිදුවී ඇති බවයි පොලිසිය කියාසිටියේ.
48 හැවිරිදි මෙම කොස්තාපල්වරයා ගොකරැල්ල පොලිසියේ තනිකඩ භට නිවාසයේදී වෙඩි තබාගෙන ඇතැයි සඳහන්.
මීට වසර දෙකකට පමණ සිදුවූ රිය අනතුරකින් මෙම පොලිස් කොස්තාපල්වරයාගේ බිරිඳ අසනීප තත්වයකින් පසුවී ඇති අතර අද සවස ඇය මරණයට පත්ව තිබෙනවා.
එම පණිවුඩය ලැබීමත් සමග මෙම නිලධාරියා මෙලෙස වෙඩි තබාගෙන සියදිවි නසාගෙන ඇති බවයි අනාවරණ වී ඇත්තේ.
ඔහු දරුවන් තිදෙනෙකුගේ පියෙක් බව පොලිසිය සඳහන් කළා.
සිද්ධිය පිළිබඳ මහේස්ත්‍රාත් පරීක්ෂණයක් ද පැවැත්වීමට නියමිතයි.