Gossips

බිරිඳ ඝාතනය කිරීමට තැත්කළ පුද්ගලයා සැමියා අතින් මැරුම් කයි

නිවසට පැමිණි පුද්ගලයෙකු සිය බිරිඳගේ ගෙළ මිරිකා පහරදී ඇයව ඝාතනය කිරීමට උත්සහ කිරීමේදී සැමියා විසින් පොරවකින් පහර දී අදාල පුද්ගලයා ඝාතනය කිරීමේ පුවතක් දෙණියාය ප්‍රදේශයෙන් වාර්තා වනවා.
දෙණියාය, අඹගහහේන ප්‍රදේශයේදී ඊයේ (02) පස්වරුවේ මෙම ඝාතනය සිදුකර ඇති බව සදහන්.
සිද්ධියෙන් මියගොස් ඇත්තේ එම ප්‍රදේශයේම පදිංචිව සිටි ගම්හැල කංකානම්ගේ දයානන්ද නමැති 43 හැවිරිදි අයෙක් බවයි දෙණියාය පොලිසිය සඳහන් කළේ.
මෙලෙස ඝාතනයට ලක්වූ තැනැත්තා අසල නිවසක පදිංචිකරුවෙක් වන අතර ඔහු ඊයේ (02) සවස බීමතින් අදාල කාන්තාවගේ නිවසට පැමිණ ඇයගේ ගෙළ මිරිකා ඝාතනය කිරීමට උත්සහ කර තිබෙනවා.
එම අවස්ථාවේ අදාල කාන්තාවගේ කෑ ගැසීමත් සමඟ ඇයගේ සැමියා පැමිණ අදාල පුද්ගලයාට පොරවකින් පහර දී ඇති අතර කාන්තාව ඝාතනය කිරීමට තැත්කළ පුද්ගලයා බීමතින් සිට ඇති බව සඳහන්.
පොරවකින් පහර දී පුද්ගල ඝාතනය සිදුකළ තැනැත්තා දෙණියාය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු අද (03) මොරවක අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ දෙණියාය පොලිසිය මඟින් සිදුකරනු ලබනවා.