Gossips

බිරිඳ ඝාතනය කළ සැමියෙක් සිය දිවි නසා ගනී

තම බිරිඳ තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර සියදිවි හානිකරගත් සැමියෙකු පිළිබඳ පුවතක් අනුරාධපුර ශාවස්තිපුර ප්‍රදේශයෙන් වාර්තා වුණා.
ඊයේ (28) රාත්‍රීියේ මෙම ඝාතනය සිදුව ඇති අතර පසුව අදාළ සැමියා ද වතුර පිරුණු ගල් වලකට පැන සියදිවි හානිකරගෙන ඇති බවයි පොලීසිය සඳහන් කළේ.
මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ ශාවස්තිපුර ප්‍රදේශයේ පදිංචි 31 හැවිරිදි අනුරාධපුර – නෙලූම්වැව ග්‍රාමීය රෝහලේ සේවය කළ හෙදියක්.
ඔවුන් දෙදෙනාට මාස 5 ක පමණ බිළිඳීයක් ද සිටින බවටයි වාර්තා වන්නේ.