Gossips

බිරිඳ ඝාතනය කර සියදිවි හානිකරගැනීමට තැත් කළ පුද්ගලයෙකු අත්අඩංගුවට

තම බිරිඳට තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර තමන්ද තුවාල සිදුකරගෙන සියදිවි හානිකරගැනීමට උත්සාහ කළ පුද්ගලයෙකු පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ පුත්තලම විල්ලූවවත්ත ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 24 ක කාන්තාවක්.
මොවුන් දෙදෙනා මීට මාස 3 කට පෙර විවාහ වී ඇති අතර, බහින්බස්වීමක් දුරදිග යාම හේතුවෙන් ස්වාමි පුරුෂයා තියුණු ආයුධයකින් පසුගිය 21 වනදා එම කාන්තාවට පහරදී තිබෙනවා.
අදාළ කාන්තාව පුත්තලම මූලික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිට ඇති අතර ඊයේ ඇය මියගොස් ඇති බවයි පොලීසිය සඳහන් කළේ.
එමෙන්ම තමන්ද තියුණු ආයුධයකින් තුවාල සිදුකරගත් ඇයගේ සැමියා ද එම රෝහලේම ප්‍රතිකාර ගනිමින් සිටියදී පොලීසිය අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්.
ඔහු පුත්තලම මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන මස 4 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමටයි නියෝග කර ඇත්තේ.
සැකකරු බන්ධනාගාර නිලධාරීන්ගේ ආරක්ෂාව යටතේ පුත්තලම මූලික රෝහලේ තවදුරටත් ප්‍රතිකාර ලබනවා.