Gossips

බිරිඳ ඝාතනයකර වළ දැමූ සැමියා පොලිස් දැලේ පැටලෙයි

තියුණු ආයුධයකින් පහර දී තම බිරිඳ ඝාතනය කළ ස්වාමි පුරුෂයෙකු අනුරාධපුර පොලිසිය විසින් අද (28) අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අනුරාධපුර, නෙළුන්කුලම ප්‍රදේශයේදී ඊයේ (27) රාත්‍රියේ අදාළ සැකකරු විසින් සිය බිරිඳට තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර නිවස පිටුපස වල දමා ඇති බවයි අප වාර්තාකරු ප්‍රකාශ කළේ.
අත්අඩංගුවට පත් සැකකරුගෙන් පොලිසිය ප්‍රශ්ණ කිරීමේදී අනාවරණය වී තිබෙන්නේ මෙම පුද්ගලයා දින තුනක සිට මෙම ඝාතනය සැලසුම්කර බිරිඳ ඝාතනය කිරීමෙන් අනතුරුව අැයගේ සිරුර සැඟවීම සඳහා දින තුනක් තිස්සේ නිවස පිටුපස වලක් කපා ඇති බවයි.
පවුල් ආරවුලක් මත මෙම ඝාතනය සිදුව ඇති බව ද පොලිසිය සඳහන් කළා.
මෙලෙස ඝාතනයට ලක් වූ කාන්තාව වයස අවුරුදු 41 වූ දෙදරු මවක් වන අතර සැකකාර ස්වාමි පුරුෂයා 45 වන වියේ පසුවනවා.
සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරු අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර අනුරාධපුර පොලිසිය වැඩිදුර පරිෂණ පවත්වනවා.