Gossips

බිරිඳ ඉල්ලා ගසක් උඩ කළ විරෝධය (ඡායාරූප)

මොණරාගල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකු සිය බිරිඳ නිවසට ගෙන්වා දෙන ඉල්ලමින් අද (22) උදෑසන හුලංදාව ප්‍රදේශයේ මාර ගසක් මතට නැගී විරෝධතාවක නිරත වුණා.
දෙදෙනා අතර නිරන්තරයෙන් ආරවුල් හටගෙන අතර පසුව බිරිඳ විසින් පොලිසියට පැමිණිලක්ද සිදුකර ඇයගේ දෙමව්පියන්ගේ නිවස වෙත ගොස් ඇති බව සඳහන්.
මේ සම්බන්ධයෙන් අධිකරණයේ නඩුවක් ද විභාග වන අතර ඒ අතර තුරයි මෙම පුද්ගලයා සිය දරුවන් දෙදෙනා ද රැගෙන මෙලෙස විරෝධතාවක නිරත වී ඇත්තේ.
මාර ගස මත නැග පැයකට ආසන්න කාලයක් මෙම පුද්ගලයා විරෝධතාවයේ නිරතව සිටි අතර පසුව මොණරාගල පොලිස් ස්ථානයේ නිලධාරීන් පැමිණ මෙම පුද්ගලයා සහ දරුවන් ගසෙන් බිමට ගෙන පොලිසිය වෙත කැඳවාගෙන ගොස් ඇති බවයි වාර්තා වන්නේ.