Gossips

බිරිඳට තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කළ පුද්ගලයෙකු අත්අඩංගුවට

කළුතර පාලම අසළ මල් අලෙවි සැළක වෙළඳාමේ නිරතව සිටි කාන්තාවකට ඇයගේ ස්වාමි පුරුෂයා විසින් තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර තිබෙනවා.
ඊයේ පස්වරුවේ සිදුවූ මෙම පහරදීමෙන් තුවාල ලබා 43 හැවිරිදි අදාළ කාන්තාව නාගොඩ රෝහලට ඇතුළත් කර ඇති අතර, එහිදී ඇය මියගොස් ඇති බව සඳහන්.
මෙම ඝාතනය අනියම් සබඳතාවක් හේතුවෙන් සිදුකර ඇති බවට අනාවරණ වී තිබෙනවා.
සිද්ධිය සම්බන්ධයෙන් මියගිය කාන්තාවගේ සැමියා අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්.