Gossips

බිරිඳට අමානුෂිකව වද හිංසා කළ සැමියෙක් පොලිස් අත්අඩංගුවට

සැමියා විසින් බිරිඳට පහරදී ඇයගේ රහසඟ තුලට මෝල් ගසක් ඇතුල් කිරීම හේතුවෙන් බරපතල තත්වයේ පසුවූ 43 හැවිරිදි දෙදරු මවක් රෝහල් ගතකළ පුවතක් ගම්පොළ ප්‍රදේශයෙන් වාර්තා වනවා.
දෙදෙනා ඇතිවූ පවුල් ආරවුලකින් හේතුවෙන් සැමියා විසින් බිරිඳට මෙලෙස අමානුෂිකව හිංසා කර ඇති බවයි තොරතුරු වාර්තා වන්නේ.
රෝහල් ගතකර ඇති කාන්තාවට පැය 5ක පමණ සැත්කමක් සිදුකර ඇති අතර ඇය මේ වන විට රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන බවයි අප වාර්තාකරු පැවසුවේ.
දෙදෙනා අතර ආරවුල හටගත් පසු සැමියා විසින් බිරිඳගේ දෑත් පිහියකින් කපා ඇති අතර පසුව හිසට පහර දී බිරිඳ බිම වැටුණු පසු මෝල් ගස ඇගේ රහසගට තබා එහි අනෙක් කෙළවරට බර දෙයකින් පහරදී සිරුර තුලට ඇතුල් කර ඇති බවයි පරීක්ෂණ වලදී අනාවරණය වී ඇත්තේ.
සිද්ධිය සිදුවන අවස්ථවේ කාන්තාවගේ 16 හැවිරිදි වැඩිමහල් පුත්‍රයා නිවසේ රැඳී සිට ඇති අතර ඔහු විසින් මවගේ ශරීරයේ රැඳී ඇති මෝල්ගස සමඟම ඇය ගම්පොල රෝහලට රැගෙන යාමට පියවර ගෙන තිබෙනවා.
පුස්සැල්ලාව පොලිසිය විසින් සැකකාර සැමියා අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු නාවලපිටිය මහෙස්ත්‍රාත්වරිය හමුවට පසුගිය සිකුරාදා (12) ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මේ මස 23 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස නියෝග කෙරුණා.