Gossips

බිරිඳගේ මරණයෙන් කෙළවර වූ දුරදිග ගිය ආරවුල

සැමියාගේ පහරදීමෙන් කාන්තාවක් මිය යාමේ පුවතක් හිඟුරක්ගොඩ, ජයන්තිපුර, නාගපොකුණ ප්‍රදේශයෙන් වාර්තා වනවා.
මෙලෙස මියගොස් ඇත්තේ 26 හැවිරිදි තැනැත්තියක් බවයි වාර්තා වන්නේ.
ඊයේ (15) පස්වරුවේ දෙදෙනා අතර ඇතිවූ බහින් බස්වීමක් දුරදිග ගොස් එය ගැටුමක් බවට වර්ධනය වී ඇති බව සදහන්.
අනතුරුව සැමියාගේ දෙමව්පියන් පැමිණ එම ගැටුම සමතයකට පත්කර තිබෙනවා.
ගැටුම සිදුවන අවස්ථාවේ සැමියා බීමතින් සිට ඇති බවට අනාවරණය වී ඇති බව සඳහන්.
කෙසේ වෙතත් අද (16) අලුයම සැමියා විසින් සොයා බලන අවස්ථාවේ බිරිඳ නිවස ඉදිරිපිට මිදුලේ වැටී සිටින අයුරු දැක තිබෙනවා.
අනතුරුව සැමියා විසින් ඔහුගේ දෙමව්පියන් සමඟ එක්ව ඇය පොළොන්නරුව රෝහලට ඇතුලත්කර ඇති අතර එම අවස්ථාවේදීත් ඇය මියගොස් සිට ඇති බවයි වාර්තා වන්නේ.
සිද්ධිය සම්බන්ධයෙන් 29 හැවිරිදි සැකකාර සැමියා හිඟුරක්ගොඩ පොලිසිය විසින් අද (16) දින අත්අඩංගුවට ගත් බවයි අප වාර්තාකරු පැවසුවේ.
හිඟුරක්ගොඩ පොලිසිය පැවසුවේ දෙදෙනා අතර ඇතිවූ ගැටුම අතර තුර සැමියා සිදුකළ පහරදීමක් හේතුවෙන් බිරිඳ මිය යන්නට ඇති බව සැකකරන බවයි.
සැකකාර සැමියා මිට පෙර විවාහයක් සිදුකරගෙන ඇති අතර එම කාන්තාව මේ වන විට විදේශ ගතව සිටින අතර මියගිය කාන්තාවද මීට පෙර වෙනත් පුද්ගලයෙකු සමඟ විවාහ වී සිටි තැනැත්තියක් බවයි වාර්තා වන්නේ.
කෙසේ වෙතත් දෙදෙනා අතර විටින් විට ගැටුම් ඇතිවන බවට තොරතුරු අනාවරණය වී තිබෙනවා.