කොට්ටාව – ලියනගොඩ ප්‍රදේශයේ කෝටිපති ව්‍යාපාරිකයෙකු සිය බිරිඳගේ පිහි පහරට ලක්ව ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
ඊයේ (22) පස්වරුවේ බිරිඳ සහ මෙම ව්‍යාපාරිකයා අතර යම්කිසි බහින් බස්වීමක් සිදුව ඇති අතර එහිදීයි මෙලෙස ඇය සැමියාට පිහියකින් පහරදී ඇත්තේ.
පසුව ඇය පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබුණා.
එහිදී ඇය පොලීසියට සඳහන් කර ඇත්තේ සැමියා තමන්ට පහරදීම හේතුවෙන් ඉන් මිදීමට මෙලෙස පිහියකින් පහරදුන් බවයි.
එලෙස මියගොස් ඇත්තේ ප්‍රදේශයේ රෙදිපිලි අලෙවි කරන ව්‍යාපාරිකයෙකු වන අතර ඔවුන්ට දරුවන් තිදෙනෙකු ද සිටිනවා.
අත්අඩංගුවට ගත් කාන්තාව අද අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
