Gossips

බිරිඳගේ ඝාතනයෙන් කෙළවර වූ පවුල් ආරවුල

ත්‍රිකුණාමලය, පාලයුත්තු ප්‍රදේශයේ පදිංචිව සිටි කාන්තාවක් ඇයගේ සැමියා විසින් අද (05) අලුයම ඝාතනයකර ඇති බව පොලිසි පවසනවා.
කතුරකින් ඇණ මෙම ඝාතනය සිදුකර ඇති බවයි අනාවරණය වී ඇත්තේ.
පොලිස් ජංගම සංචාරයේ නිරත නිලධාරීන් පිරිසකට ලද තොරතුරක් මත අපරාධය සිදුවූ ස්ථානයට ගොස් තිබෙනවා.
එම අවස්ථාවේදී සැමියාගේ කතුරු ප්‍රහාරයෙන් බරපතල තුවාල ලබා සිටි කාන්තාව රෝහල් ගතකරන්නට පියවර ගත් බවයි පොලිසිය පැවසුවේ.
කෙසේ වෙතත් ත්‍රිකුණාමලය රෝහල වෙත ඇතුළත් කෙරුණු ඇය එහිදී මියගොස් ඇති බවයි පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේ.
පවුල් ආරවුලක් මත මෙම අපරාධය සිදුකර ඇති අතර ඝාතනයට ලක්වූ කාන්තාව නල්ලිිංගම් දමයන්ති නමැති වයස අවුරුදු 26ක තැනැත්තියක් බවයි වාර්තා වන්නේ.
ඝාතනය සිදුකළ සැකකාර සැමියා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.