Gossips

බියගම – කඩුවෙල යාකෙරන ප්‍රධාන පාලම අද රාත්‍රියේ වැසේ

ආරක්ෂිත පියවරක් ලෙස කැළණි ගඟ හරහා බියගම – කඩුවෙල නගර යා කරන ප්‍රධාන පාලම අද රාත්‍රී 8 සිට හෙට උදෑසන 6 දක්වා වසා තැබෙන බව මාර්ග සංවර්ධන අධිකාරිය පවසනවා.
ප්‍රධාන පාලමෙහි පැති බැම්මෙහි කොටසක් ඊයේ ඛාදනයට ලක්වීම හේතුවෙන් එම මාර්ගයේ ගමනාගමන කටයුතු සීමා කිරීමට පියවර ගැණුනා.
එම පාලමට ආසන්නයේ විකල්ප නව පාලමක් ඉදි කිරීමට ද මාර්ග සංවර්ධන අධිකාරිය මේ වනවිට පියවර ගෙන තිබෙනවා.
එම පාලම ද හෙට උදෑසන 6 ට විවෘත කෙරෙන බවයි එම අධිකාරිය වැඩිදුරටත් සදහන් කළේ.
මේ අතර, දැනට දිස්ත්‍රික්ක 19 කට අයහපත් කාලගුණයෙන් බලපෑම් එල්ල වී ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ප්‍රකාශ කළා.
ඒ හේතුවෙන් පුද්ගලයින් එක්ලක්ෂ 25.954 දෙනෙකු පීඩාවට පත්වී සිටිනවා.
එමෙන්ම, වර්ෂාවත් සමග ඇති වූ විවිධ අනතුරු හේතුවෙන් පුද්ගලයින් 13 දෙනෙකු මියගොස් ඇති බවයි අද පස්වරුවේ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදී එහි සහකාර අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි සදහන් කළේ.