ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් කරන අපේක්ෂකයා සම්බන්ධයෙන් ඇතමුන් බියවී ඇති බව පිවිතුරු හෙළ උරුමය පවසනවා.
එහි ප්‍රධාන ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මේ බව කියා සිටියේ කොළඹ අද කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින්.
එහිදී රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක සිදුකළ ප්‍රකාශකට අනුව සිදුකළ කොකේන් පරීක්ෂණය සම්බන්ධයෙන් ද මන්ත්‍රීවරයා මෙලෙස අදහස් දක්වා සිටියා.
“රටේ මොකක් හරි ප්‍රශ්නයක් මතුවුණා. ඒක විසඳන්න ආණ්ඩුව භාරදෙන්නේ රන්ජන්ට. කලින් පාර්ලිමේන්තුවේ 118 දෙනෙක් ඇලෝසියස්ගෙන් සල්ලි ගත්තා කිව්වා.
නමුත් තවම නම් ලැයිස්තුව නැහැ. කොකේන් සිද්ධියේත් 18 ක් ඉන්නවා කියනවා. තාම ලැයිස්තුව නැහැ.මේ වගේ අය තියාගන්නත් ආණ්ඩුවට ලැජ්ජාවක් නැහැ.”
මේ අතර, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ද බත්තරමුල්ල – නෙලුම් මාවත පක්ෂ කාර්යාලයේ අද මාධ්‍ය හමුවක් කැඳවා තිබුණා.
ඊට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන කියා සිටියේ ආණ්ඩුව අයවැයට පක්ෂව ඡන්දය ලබා ගැනීමට ඇතැම් මන්ත්‍රීවරුන්ට විශේෂ වරප්‍රසාද ලබාදෙමින් සිටින බවයි.
