Gossips

බිම්ස්ටෙක් සමුළුවට සහභාගී වූ ජනපති යළි දිවයිනට (ඡායාරූප)

නේපාලයේ පැවති සිව්වන බිම්ස්ටෙක් රාජ්‍ය නායක සමුළුවට සහභාගිවීමෙන් අනතුරුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඊයේ (02) රාත්‍රීයේ යළි දිවයිනට පැමිණියා.
ශ්‍රී ලන්කන් ගුවන් සේවයට අයත් යූ.එල්- 196 දරන ගුවන් යානයෙන් ජනාධිපති ඇතුළු දූත පිරිස නේපාලයේ සිට මෙරටට පැමිණි බවයි ගුවන් තොටුපොල හිරු වාර්තාකරු සඳහන් කළේ.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට මෙවර පැවති සමුළුවේ දී ඉදිරි වසර සදහා බිම්ස්ටෙක් සමුළුවේ නායකත්වය හිමිවීම විශේෂත්වයක්.
ජනාධිපතිතුමා ඇතුළු දූත පිරිස පිළිගැනීම සඳහා මැති ඇමතිවරුන් පිරිසක් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමින සිටි අතර බිම්ස්ටෙක් සමුළුවට සහභාගී වීමට ජනාධිපතිවරයා පසුගිය මස 29 වනදා නේපාලය බලා පිටත්ව ගියා.

ඡායාරූප – කටුනායක, ටී.කේ.ජී.කපිල