Politics Sri Lanka

බිමල් රත්නායක – සුනිල් හඳුන්නෙත්ති ලණ්ඩනයේදී ශ්‍රී ලාංකිකයන් හමු වෙති

බිමල් රත්නායක – සුනිල් හඳුන්නෙත්ති ලණ්ඩනයේදී ශ්‍රී ලාංකිකයන් හමු වෙති

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කෝප් කාරක සභාවේ සාමාජිකයන්ට බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව මගින් සංවිධානය කර තිබූ විශේෂ වැඩමුළුවකට සහභාගීවීම සඳහා කෝප් සභාපති සුනිල් හඳුන්නෙත්ති මහතා සහ ජනතා විමුක්ති පෙරමුණේ ජාතික සංවිධායක බිමල් රත්නායක මහතා ඇතුළ කණ්ඩායමක් මේ දිනවල බ්‍රිතාන්‍යයේ ලන්ඩන් නුවර බලා පිටත්ව ගොස් ඇත.

බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ පැවති මෙම තෙදින වැඩමුළුව අතරවාරයේ බිමල් රත්නායක මහතා ස්වීඩනයේ ස්ටොක්හොම් නුවරදි ජනතා විමුක්ති පෙරමුණ විසින් සංවිධානය කළ සම්මන්ත්‍රණයක් සඳහා සහභාගී වී තිබේ. ඒ සඳහා විවිධ දේශපාලන පක්ෂ නියෝජනය කළ එහි වෙසෙන ශ්‍රී ලාංකිකයන් විශාල පිරිසක් සහභාගී වී තිබේ.

එමෙන්ම ස්වීඩන් කොමියුනිස්ට් පක්ෂයේ සභාපතිවරයා සමගද බිමල් රත්නායක මහතා විශේෂ සාකච්ඡාවක් පවත්වා ඇත.

එමෙන්ම බ්‍රිතාන්‍යයේදී සුනිල් හඳුන්නෙත්ති මහතාගේ සහ බිමල් රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනතා විමුක්ති පෙරමුණේ බ්‍රිතාන්‍ය කමිටුව මගින් සංවිධානය කළ සම්මන්ත්‍රණයක් සඳහා සහභාගී වී ඇති අතර එම අවස්ථාවටද ශ්‍රී ලාංකිකයන් විශාල පිරිසක් සහ භාගී වී තිබේ.

මේ අතර බ්‍රිතාන්‍යයේ කොමියුනිස්ට් පක්ෂය සමගද විශේෂ සාකච්ඡාවක්ද පවත්වා ඇත.

ඊට අමතරව බමිංහම්, බෝල්ටන්, ලිවර්පූල් , බ්‍රයිටන් යන නගරවලද ලන්ඩනයේ Harrow නගරයේදීද සාකච්චා සහ සම්මන්ත්‍රණ රැසක් සංවිධායක කර තිබේ.