Gossips

බිබිල නිල්ගල රක්ෂිතයේ දිවියන් ඝාතනය කළ සැකකරු අත්අඩංගුවට

බිබිල නිල්ගල රක්ෂිතයේ සිටින ශ්‍රී ලංකාවට ආවේනික දිවියන් තිදෙනෙකු වස දමා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට එක් සැකකරුවෙකු වනජීවී නිලධාරින් විසින් අද (02) අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙලෙස අත්අඩංගුවට පත් සැකකරු ඉඟිනියාගල ප්‍රදේශයේ පදිංචි ගව පට්ටි හිමිකරුවෙක්.
සැකකරු අද (02) බිබිල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රුපියල් ලක්ෂයක ශරීර ඇප මත නිදහස් කර තිබෙනවා.
එමෙන්ම ලබන 23 වැනිදා නඩුව යලි කැදවීමට නියමිත අතර එදිනට මේ සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණයක් සිදුකර වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙසයි මහේස්ත්‍රාත්වරයා නියෝග කර ඇත්තේ.