Gossips

බිබිලේ වෙල් යායකින් යළිත් පෙණ බුබුළු මතුවේ

බිබිල – මැදගම – මැල්ලගම වෙල් යායකින් අදත් අලූයම් කාලයේ විශාල පෙණ බුබුළු මතු වී ඇති බව වාර්තා වනවා.
පෙරේදා දිනයේ ද මෙලෙස මෙහි පෙණ බුබුළු මතු වූ අතර පසුව ඒ පිළිබදව භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශයට දැනුම් දීමක් කර තිබුණා.
පසුව එහි නිලධාරීන් එහි සාම්පල පරීක්ෂාවන් සඳහා රැගෙන ගොස් තිබෙනවා.
ගම්වාසීන් පවසන්නේ උදෑසන මතුවන මෙම පෙණ බුබුළු හිරු එළියත් සමඟ දිය වී පිටි බවට පත් වන බවයි.