Gossips

බිබිලේදී සුඛෝපභෝගී බස් රථයක් අනතුරට ලක්වී 5 දෙනෙකුට තුවාල

බිබිල – හෑපොල ප්‍රදේශයේදී සුඛෝපභෝගි මගී බස් රථයක් මාර්ගයෙන් ඉවතට පැන අද පස්වරුවේ සිදු වූ අනතුරකින් 5 දෙනෙකු තුවාල ලබා බිබිල රෝහලට ඇතුළත් කෙරුණා.
ඉන් දෙදෙනෙකු කාන්තාවන් බවයි රෝහල් ප්‍රකාශයෙකු කියා සිටියේ.
බිබිලේ සිට බදුල්ල දක්වා ධාවනය වූ බස් රථයක් මෙලෙස අනතුරට ලක්වූ අතර, අධික වේගය හෝ ප්‍රදේශයේ පවතින අයහපත් කාලගුණය අනතුරට හේතුවන්නට ඇති බවට පොලීසිය සැක පළ කරනවා.