Gossips

බින් ලාඩන්ගේ පුත්‍රයාට සිදු වූ නොසිතූ දේ

සෞදි අරාබිය බින් ලාඩන් පුත්‍රයාගේ පුරවැසිභාවය අහෝසි කරයි
අල්කයිඩා සංවිධානයේ හිටපු නායක ඔසාමා බින් ලාඩන්ගේ පුත්‍රයෙකු වන හම්සා බින් ලාඩන්ගේ පුරවැසිභාවය අත්හිටුවීමට සෞදි අරාබිය තීරණය කර තිබෙනවා.
ඒ සඳහා සෞදි අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය විසින් නිල ගැසට් නිවේදනයක් නිකුත් කළා.
ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා ඉවහල් වන තොරතුරක් ලබාදෙන අයෙකුට ඇමරිකානු ඩොලර් මිලියනයක ත්‍යාග මුදලක් ලබාදෙන බව ඇමරිකා එක්සත් ජනපදය විසින් පෙරේදා නිවේදනය කරනු ලැබුවා.
සැප්තැම්බර් 11 ප්‍රහාරයට පෙර හම්සා බින් ලාඩන් සිය පියා සමඟ ඇෆ්ගනිස්ථානයේ සිටි බව වාර්තාවන අතර, දැනට 30 වන වියේ පසුවන ඔහු අල්කයිඩා සංවිධානයේ ප්‍රධානියෙකු ලෙස කටයුතු කරන බව සඳහන්.