Gossips

බිනර පොහොය අදයි

බිනර පුන් පෝය දිනය අදට (24) යෙදී තිබෙනවා.
මෙහෙණි සස්නය ආරම්භය වූයේ අද වැනි බිනර පුන් පෝහෝ දිනකයි.
ආනන්ද හිමිගේ බලවත් උත්සාහය මත කරුණු පහදා දී මහා ප්‍රජාපතී ගෝතමිය ප්‍රධාන කාන්තාවන්ට බුදු සසුනේ නිවන් මඟා විවෘත කළ බවත් ශාසන ඉතිහාසයේ සඳහන් වෙනවා.
තපස්සු භල්ලුක වෙළෙඳ දෙබෑයන් බුදුරජාණන් වහන්සේ හමුවී බුදුන්, දහම් සරණ ගියේ ද අද වැනි බිනර පුන් පොහෝ දිනක වීම විශේෂත්වයක්.
තපස්සු, භල්ලුක වෙළෙඳ දෙබෑයන්, බුදු පියාණන් වහන්සේගේ කේශ ධාතු තැන්පත් කරන ලද ගිරිහඬු සෑය ඉදිකිරීමත් බුදු පියාණන් වහන්සේගේ ලාලාට ධාතු තැන්පත් කර ඇති සේරුවාවිල මහා සෑයේ ඉදිකිරීමත් මෙම උතුම් බිනර පොහෝ දිනයේදී සිදුවීම නිසා ශ්‍රී ලාංකිකයන්ට බිනර පොහොය දිනය වැදගත් වනවා.