Gossips

බැසිල් රාජපක්ෂට එරෙහි නඩුව කල් යයි

මුදල් අවභාවිතාවක් සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ ඇතුළු හතරදෙනෙකුට එරෙහිව පවරා ඇති නඩුවේ වැඩිදුර විභාගය ලබන වසරේ මාර්තු මස 15 වනදා දක්වා කල් තැබීමට මහාධිකරණ විනිසුරු ආර්. ගුරුසිංහ අද (26) නියෝග කළා.
ඒ, මෙම නඩුවේ නීතිපති වෙනුවෙන් පැමිණිල්ල මෙහෙයවන නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් තුසිත් මුදලිගේ විශේෂ මහාධිකරණයේ නඩුවක් මෙහෙයවන බවට රජයේ අධි නීතිඥ ප්‍රියාන් අබේගුණවර්ධන කරනු ලැබූ දැනුම්දීමකට අනුවයි.
පසුගිය ජනාධිපතිවරණ සමයේ දිවි නැගුම සංවර්ධන දෙපාර්තමේන්තුවට අයත් රුපියල් මිලියන 2991ක මුදලක් අයථා ලෙස පරිහරණය කරමින් සෙවිලි තහඩු බෙදා දුන් බවට මොවුන්ට එරෙහිව චෝදනා එල්ල වනවා.
ඒ අනුව අද දිනයේ නඩුවේ සාක්ෂි ලබාදීමට පැමිණ සිටි සාක්ෂිකරුවන් හතර දෙනාට එදිනට අධිකරණයේ පෙනී සිටින ලෙසට ද අවවාද කෙරුණා.