Gossips

බැසිල් රාජපක්ෂගේ නඩුව කල් යයි

හිටපු ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ ඇතුළු විත්තිකරුවන් 4දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් පවරා ඇති නඩුව ලබන 26 දක්වා කල් දැමීමට කොළඹ වාණිජ මහාධිකරණ විනිසුරු ආර්.ගුරුසිංහ අද නියෝග කළා.
පසුගිය ජනාධිපතිවරණ සමයේ සමෘද්ධි ලාභීන්ට නිවාස ආධාර ලබා දීම සදහා දිවිනැගුම අරමුදලට අයත් රුපියල් මිලියන 2992ක මුදලක් වැය කිරීම හරහා රජයේ මුදල් සාවද්‍ය පරිහරණය කල බවට චෝදනා කරමිනුයි පොදුදේපල යටතේ මෙම නඩුව නීතිපති විසින් පවරා ඇත්තේ.