අග්‍රාමාත්‍යවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාව ගෙන ආ කාලසීමාවේ නිහඬව සිටීමට හේතුව කුමක්දැයි හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ පැහැදිලි කිරීමක් සිදු කළා.
ඒ බත්තරමුල්ල ප්‍රදේශයේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේදී අලූත් අවුරුද්දේ වැඩ ආරම්භ කිරීමේ අවස්ථාවට අද එක්වෙමින්.
ආණ්ඩුවෙන් ඉවත්වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇමතිවරු පිළිගැනීමට සූදානම් බවද මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්ණවලට පිලිතුරු ලබාදෙමින් හිටපු අමාත්‍යවරයා ප්‍රකාශ කළා.
