හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ පසුගිය ජනාධිපතිවරණ සමයේ ජී.අයි. බට මිලදීගෙන පළාත් පාලන ආයතනවලට ලබාදීම තුළින් රුපියල් ලක්ෂ 365 ක් රජයට පාඩු කළ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් වන නඩුවේ සාක්ෂි විභාගයට අද(23) දින නියම කෙරුණා.
ඒ, මෙම නඩුව අද (23) කොළඹ මහාධිකරණ විනිසුරු ඒ.ඒ.ආර්.හෙයියන්තුඩුව හමුවේ කැඳවූ අවස්ථාවේදීයි.
ඒ අනුව ජුනි මස 04 වැනිදා සිට මීට අදාළව සාක්ෂි විභාග කිරීමටයි විනිසුරුවරයා නියෝග කළේ.
හිටපු ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂට සහ දිවිනැගුම දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් කිත්සිරි රණවකට එරෙහිව නීතිපතිවරයා විසින් මෙම නඩුව කොළඹ මහාධිකරණයේ ගොනුකර තිිබෙනවා.
