Gossips

බැසිල්ගේ මල්වානේ ඉඩම් නඩුව ජුලි 6 වන දා දක්වා කල් යයි

ගම්පහ – මල්වාන ප්‍රදේශයේ ඉඩමක් මිලට ගෙන එහි සුවිසල් නිවසක්, පිහිනුම් තටාකයක් සහ ගොවිපලක් ඉදිකිරීම වෙනුවෙන් රජයේ මුදල් අවභාවිත කිරීමේ චෝදනාව යටතේ හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂට එරෙහි නඩුව ජුලි මස 6 වන දා දක්වා කල් තබා තිබෙනවා.
ගම්පහ මහාධිකරණයේදී නඩුව අද විභාගයට ගැනුණු අතර විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා එහිදී පවසා සිටියේ උපාලි ජයකොඩි නැමැති සාක්ෂිකරු මෙම නඩුවට අදාළව පූගොඩ සහ මාතර මහේස්ත්‍රාත්වරුන් හමුවේ පාපොච්චාරණයක් සිදුකර ඇති බවයි.
එහෙත් එහි පිටපත් තවමත් ඔවුන්ට ලැබී නොමැති බව ද නීතිඥවරයා පෙන්වා දී තිබෙනවා.
ඒ අනුව කරුණු සලකා බැලූ මහාධිකරණ විනිසුරු නිමල් රණවීර එම ලේඛන විත්ති පාර්ශවයට ලබාදෙන ලෙස පැමිණිලිකාර පාර්ශවයට නියෝග කළා.