Gossips

බැඳුම්කර සිද්ධියේ කොමිෂන් සභා වාර්තාවේ ඉතිරි ලේඛන කඩිනමින් පාර්ලිමේන්තුවට දෙන්න. ජ.වි.පෙ.

බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනය කළ ජනාධිපති කොමිසන් සභා වාර්තාවේ ඉතිරි ලේඛන 106 කඩිනමින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කටයුතු කළ යුතු බව ජනතා විමුක්ති පෙරමුණ පවසනවා.
එම පක්ෂයේ ප්‍රචාරක ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මේ බව කියා සිටියේ බත්තරමුල්ලේ පිහිටි එම පක්ෂ කාර්යාලයේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.
ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නලින්ද ජයතිස්ස අර්ජුන් ඇලෝසියස්ගෙන් මුදල් ලබාගත් බවට එල්ලවන චෝදනා පිළිබඳව ද විජිත හේරත් මන්ත්‍රීවරයා එහිදී අදහස් පළ කළා.