Gossips

බැඳුම්කර සහ බරපතල වංචා විවාදයේ පළමු දිනය අද

මහබැංකු බැඳුම්කර පිළිබඳ ජනාධිපති කොමිෂන් සභා වාර්තාව සහ බරපතල වංචා හා දූෂණ පිළිබඳ ජනාධිපති කොමිෂන් සභා වාර්තා පිළිබද පාර්ලිමේන්තු විවාදය අද (06) ප්‍රථමවරට පැවැත්වෙනවා.
එය උදෑසන 10.30ට ආරම්භ වී පස්වරු 4 දක්වා පැවැත්වෙන බවයි කථානායක කාර්යාලය සඳහන් කළේ.
අද දිනයට අමතරව මේ මස 21 සහ 22 යන දිනයන්හිදී ද ඊට අදාළ විවාදයන් පැවැත්වීමටයි ඊයේ (05) පැවැති පක්ෂ නායක රැස්වීමේදී තීරණය වුණේ.
එමෙන්ම බරපතල වංචා සහ දූෂණ පිළිබඳ වාර්තා 34කට අදාළ පිටු 7000ක ලිපිගොනු සංයුක්ත තැටි මගින් මන්ත්‍රීවරුන්ට අද දින ලබාදීමට නියමිතව තිබෙනවා.