Gossips

බැඳුම්කර විවාදයේ ඉතිරි කොටස තවත් කල් යන ලකුණු

සක්‍රීය බැරකම් කළමනාකරණය කිරීමේ පනත් කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි නොවන බව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් දන්වා ඇතැයි කථානායක කරූ ජයසූරිය අද පාර්ලිමේන්තුවට දැනුම් දුන්නා.
අධිකරණ සංවිධාන සංශෝධන පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ඉදිරිපත් කර ඇති පෙත්සම් 4 ක පිටපත්ද තමා වෙත ලැබී ඇති බවයි කථානායකවරයා එහිදී ප්‍රකාශ කළේ.
මේ අතර මහ බැංකු බැඳුම්කර ගණුදෙනුව පිළිබඳ පාර්ලිමේන්තු විවාදයේ ඉතිරි කොටස කල් තැබීමට සිදුවනු ඇති බවද කතානායකවරයා සඳහන් කළේ පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ සිදුකළ විමසීමකට ප්‍රතිචාර දක්වමින්.
විවාදය පැවැත්වීමට අවශ්‍ය කරන පරිවර්තන පිටපත් ලබාදීම මෙතෙක් සම්පූර්ණ වී නොතිබීම ඊට හේතුවයි.
එම සංවාදයට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන වාසුදේව නානායක්කාර සහ බිමල් රත්නායකද එක්වුණා.