පූර්ණ බැඳුම්කර වාර්තාවේ තොරතුරු ප්‍රසිද්ධ කිරීම සම්බන්ධයෙන් තමන් නීතිපතිවරයාගෙන් උපදෙස් විමසා ඇති බව ජනාධිපති ලේකම් ඔස්ටින් ප්‍රනාන්දු ප්‍රකාශ කරනවා.
මාධ්‍ය ප්‍රකාශයක් නිකුත් කරමින් ඔහු කියා සිටියේ නීතිපතිවරයාගේ සහ අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ අවසර හිමි වන්නේ නම්, ඉදිරියේදී එම පූර්ණ වාර්තාව ප්‍රසිද්ධ කිරීමට බලාපොරොත්තු වන බවයි.