Gossips

බැඳුම්කර වාර්තාවේ හෙළි නොවූ නම් ඉදිරියේදී ලබා ගන්නවා – ඇමති වාසුදේව

මහබැංකු බැඳුම්කර වාර්තාවේ මෙතෙක් හෙළි නොවූ නම්, ඇත්නම් ඒවා ඉදිරියේදී ලබා ගැනීමට කටයුතු කරන බව අමාත්‍ය වාසුදේව නානායක්කාර පවසනවා.
හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේ මෙම සිද්ධියට සම්බන්ධ වැරදිකරුවන්ට නීතිය ක්‍රියාත්මක කිරීමට ද බලාපොරොත්තු වන බවයි.
මේ අතර, ධීවර සහ සංචාරක ක්ෂේත්‍රයන්ට ද ඉදිරියේදී බදු සහන ලබාදෙන බව අග්‍රාමාත්‍ය කාර්යාලයේ අද (24) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී කංචන විජේසේකර කියා සිටියා.
ඊයේ (23) සංචාරක ක්ෂේත්‍රයට සම්බන්ධ පිරිස් සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ අතර හමුවක් පැවති බවත් ලබන සඳුදා ධීවර ක්ෂේත්‍රයට සම්බන්ධ පිරිස් හමුවීමට අග්‍රාමාත්‍යවරයා සූදානම් බවත් කංචන විජේසේකර මන්ත්‍රීවරයා මෙම මාධ්‍ය හමුවේදී සඳහන් කළා.