Gossips

බැඳුම්කර වංචාව සඟවන වෑයමක් ගැන ආණ්ඩුවට චෝදනා

ආණ්ඩුව බැඳුම්කර වංචාව සැඟවීමේ කුමන්ත්‍රණයක නිරතවන බවට ඒකාබද්ධ විපක්ෂය චෝදනා කරනවා.
කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අළුත්ගමගේ මේ බව කියා සිටියා.
‘‘පසුගියදා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමත්, මුදල් අමාත්‍ය මංගල සමරවීර ඇමතිතුමත් අතර කරපු සාකච්ඡාවක ප්‍රතිඵලයක් හැටියට ඒ අය සැලසුම් කරා මේ බැඳුම්කර වංචාව යට ගැසීමේ මහා වැඩපිලිවෙලක්. දිගින් දිගටම රට තුළ වර්ජන, එහෙම නැත්නම් අලූත් මාතෘකා මිනිස්සුන්ට දීලා මේ බැඳුම්කර වංචාව සම්පූර්ණයෙන්ම යට ගැසීමේ දැවැන්ත කුමන්ත්‍රණයක සාකච්ඡාව පසුගියදා පැවැත්වුණා. ඒ අය බලාපොරොත්තු වෙන්නේ ඒ හරහා නැවතත් රනිල් වික්‍රමසිංහ මහත්තයා මිස්ටර් ක්ලීන් කෙනෙක් බවට පත්කරන්න පුළුවන් වෙයි කියලා. රටේ අගමැතිවරයා මේකේ පලවෙනි චූදිතයා. මලික් සමරවික්‍රම මහත්තයා, කබීර් හෂීම් මහත්තයා, නියෝජ්‍ය නායක රවී කරුණානායක මහත්තයා, ඒ විතරක්ද මේ විතරක්ද බැඳුම්කර කොමිසම හොයාගෙන තියෙනවා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 40 කට ආසන්න ප්‍රමාණයක් එක්සත් ජාතික පක්ෂයේ මේ සමාගමෙන්, ඇලෝසියස්ගෙන් සල්ලි අරගෙන තියෙනවා.’’
ඒ පිළිබඳව මන්ත්‍රීවරයා තවදුරටත් අදහස් පළ කළේ මෙලෙසින්.
‘‘දැන් මේ වෙනකොට සූජීව සේනසිංහ මහත්තයා මුදල් ගත්තා කියලා ඔප්පු වෙලා තියෙනවා. රවී කරුණානායකගේ මහත්තයාගේ ගෙට කුලිය ගෙව්වා. ඊලඟට රවී කරුණානායක මහත්තයාට අයත් සමාගමට ලක්ෂ 50 ක් බැංකු ගත කළා. මේ සියල්ල හම්බු වෙලා තියෙනවා. දයාසිරි ජයසේකර මන්ත්‍රීතුමාට මුදල් දීලා තියෙනවා කියලා අහුවෙලා තියෙනවා. ඒ වගේම තව කෝප් කමිටුවේ සාමාජිකයෝ 04 දෙනෙක්. මහා ලොකුවට අධිකරණ ගැන කථාකරන කළුතර දිස්ත්‍රික්කයේ නියෝජ්‍ය ඇමතිතුමා, මස්සිනා ගිහිල්ලා චෙක් එක මාරු කරේ. ඒ වගේම පාර්ලිමේන්තුවේ හලාවත පැත්තේ මේ කලිසම ඇඳගෙන ෂර්ට් එක ඇඳගෙන ආපු එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරයෙක් ඉන්නවා රැවුල දාපු. හිටපු ගමන් කෝට් එකට බැස්සා. ගමෙන් ආපු මනුස්සයා. ඇලෝසියස් හම්බු වෙච්ච ගමන් දැම්මා ටයි එකයි, කෝට් එකයි. මේ මහ බැංකු අධිපතිතුමා හංගගෙන ඉන්නේ වෙන කවුරුවත් නෙවෙයි, රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා. එයාට පුළුවන් එයාගේ පුතාගේ මගුල් ගෙදරට යන්න එංගලන්තේ. මොකක්ද එතකොට තියෙන සම්බන්ධතාවේ. සිංගප්පූරුවේ ගියහම හම්බු වෙනවා හොර රහසේ තානාපති කාර්යාලයේ. ඒ නිසා මේ ආණ්ඩුව මේ කරන මේ දේශපාලන කුපාඩිකම වහාම නවත්වන්න ඕනේ කියලා අපි මේ ආණ්ඩුවට කියනවා.’’
ගම්පෙරලිය වැඩසටහන පිළිබඳවද මහින්දානන්ද අළුත්ගමගේ මන්ත්‍රීවරයා එහිදී මෙලෙස අදහස් පළ කළා.
‘‘ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විමධ්‍යගත සල්ලි අපට ඇවිල්ලා නෑ තවම. තවම අපිට රුපියල් 50,000 ගිවිසුම අත්සන් කරන්න කච්චේරියට සල්ලි ඇවිල්ලා නෑ. ගම්පෙරලිය ගැන කතා කරනවා මේ ගොල්ලෝ. මේ හදන්නේ ගමේ අහිංසක මිනිහගේ අතේ තියෙන සල්ලි ටිකටත් තට්ටු කරන්න. මේ රටේ ආර්ථිකය විනාශ වෙලා. අපි හැමදාම හිතුවා එක්සත් ජාතික පක්ෂයේ ආණ්ඩුවක් ආපහුවම රටේ සල්ලි තියෙනවා කියලා. හැබැයි රනිල් වික්‍රමසිංහ මහත්තයා ඒකත් අනිත් පැත්ත පෙරලූවා. මේ වෙනකොට මේ රටේ සම්පූර්ණ ව්‍යාපාර ක්ෂේත්‍රය, ඉදිකිරීම් ක්ෂේත්‍රය, මූල්‍ය ක්ෂේත්‍රයේ සියලූ ආයතනයන් කඩාගෙන වැටිලා, මේ ආණ්ඩුවට ගම්පෙරලිය ගෙනැල්ලා මේවා උස්සන්න බෑ කියලා තමුන්නාන්සේලාගේ අවධානය යොමුවෙනවා. ’’
මාධ්‍ය හමුවට එක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී සිසිර ජයකොඩි, රාජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා සිදුකළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් අදහස් දක්වා සිටියා.
‘‘ හර්ෂ ද සිල්වා මැතිතුමා චෝදනාවක් කරා, මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ කාලේ ඩොලර් එක කඩා වැටුණලූ. ලෝකයේ අනිත් රටවල්වලත් ඩොලර් එකට සාපේක්ෂව ඔවුන්ගේ මුදල් ඒකක බාල්දු වෙනවලූ. අපි හර්ෂ ද සිල්වා ආචාර්යතුමාට මතක් කරන්න කැමතියි, මහින්ද රාජපක්ෂ මැතිතුමා 2005 සිට 2015 ජනවාරි මාසය දක්වා කාල පරිච්ෙඡ්දය වසර 10 ක. ඩොලර් එක අවප්‍රමාණය වීමේ ප්‍රතිශතය වන්නේ 2.3% යි. මේ මූසල ආණ්ඩුවේ මේ අවුරුදු තුනට රුපියල ඩොලරයට සාපේක්ෂව කඩා වැටිලා තියෙනවා 5.7% ක්. ඔය ආචාර්ය උපාධිය මොකටද දන් නෑ තියෙන්නේ.’’