Gossips

බැඳුම්කර වංචාව යට ගැසීමට ඉඩ නොදෙන බව ජ.වි.පෙ. කියයි

නව ආණ්ඩුවට මහ බැංකු බැඳුම්කර වංචාව හෝ අමාත්‍යවරුන්ගේ සොරකම් යටගැසීමට ඉඩ ලබා නොදෙන බව ජනතා විමුක්ති පෙරමුණ පවසනවා.
කිරුළපන ප්‍රදේශයේ අද පැවති ජන හමුවකට එක්වෙමින් එහි පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මේ බව කියා සිටියා.
ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව හරහා ලද දේශපාලන පසුබෑම ආවරණය කර ගැනීමට මහින්ද රාජපක්ෂ මහතා ප්‍රමුඛ කණ්ඩායම ව්‍යාජ තොරතුරු සමාජගත කරන බව ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා මෙහිදී සඳහන් කළා.
"කුමන්ත්‍රණය පරාදයි – සැබෑ ජනතා ජයග්‍රහණයට පෙළගැසෙමු " යන මැයෙන් ජනතා විමුක්ති පෙරමුණ සංවිධාන කළ ජන හමුව අද පස්වරුවේ පැවැත්වුණේ කිරුළපන නගරයේදී.