මහබැංකු බැදුම්කර වංචාව සම්බන්ධයෙන් සිදුකෙරෙන වෝහාරික විගණනය මේ වසර අවසන් වීමට පෙර සිදුකරන බව මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි පවසනවා.
මහ බැංකුවේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනුයි ඔහු මේ බව කියා සිටියේ.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මීට පෙර මහ බැංකු අධිපතිවරයාට දැනුම් දුන්නේ බැදුම්කර වංචාව සම්බන්ධයෙන් සිදුකෙරෙන මෙම වෝහාරික විගණනය කඩිනමින් අවසන් කරන ලෙසටයි.