Gossips

බැඳුම්කර වංචාවට උපදෙස් දුන් දේශපාලනඥයින් හෙළි කරන්නැයි අත්අඩංගුවට ගත් නිලධාරීන්ට ඉල්ලීමක්

බැඳුම්කර වංචාවට උපදෙස් ලබාදුන් දේශපාලනඥයින් පිළිබඳව, අත්අඩංගුවට ගත් නිලධාරීන් රටට හෙළි කළ යුතු බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසනවා.
කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් යාපා අබේවර්ධන කියා සිටියේ බැඳුම්කර වංචාවේ වරද නිලධාරීන් පිට පටවා ඉන් ගැලවීමට ඇතමුන් උත්සාහ කරන බවට සැකයක්ද පවතින බවයි.