Gossips

බැඳුම්කරයේ සල්ලි ගිය තැන් සඟවන්න බැහැ. – දූෂණ විරෝධී හඬ

මහබැංකු බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් චෝදනා එල්ල වන පර්පචුවෙල් ටෙ‍්‍රෂරීස් සමාගම, ඩබ්ලිව්.එම්. මෙන්ඩිස් සමාගමට ලබාදුන් මුදල් සැක කටයුතු තුන් වන පාර්ශවයක් වෙත ලබාදීම පිළිබද තොරතුරු වසන් කිරීමේ උත්සාහයක් ක්‍රියාත්මක බව දූෂණ විරෝධී හඬ සංවිධානය පවසනවා.
හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දක්වමින් එහි කැදවුම්කරු වසන්ත සමරසිංහ කියා සිටියේ විනාශ කළ වවුචර්වල තොරතුරු හරහා බැංකු ගනුදෙනු සිදුවූ ආකාරය විශ්ලේෂණය කළ හැකි බවයි.