Gossips

බැදුම්කර විවාදයට තවත් දින දෙකක්

බැදුම්කර හා බරපතල වංචා සහ දූෂණ පිළිබඳ ජනාධිපති කොමිසම් වාර්තා සම්බන්ධයෙන් වන පාර්ලිමේන්තු විවාදය සඳහා තවත් දින දෙකක් ලබා දීමට අද පැවති පක්ෂ නායක රැස්වීමේදී එකඟතාවයකට පැමිණ තිබෙනවා.
පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහ ලේකම් නීල් ඉද්දවල හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී සඳහන් කළේ එළඹෙන 20 සහ 21 දිනවලද විවාදය පැවැත්වීමට තීරණය කළ බවයි.
මේ අතර හෙට දිනයේදී පෙරවරු 10 යි 30ට විවාදය ආරම්භ කිරීමටත් පස්වරු 4ට අවසන් කිරීමටත් අද පැවති පක්ෂ නායක රැස්වීමේදී එකඟතාවකට පැමිණ තිබෙනවා.