Gossips

බැදුම්කර වංචාවට මහ බැංකු හිටපු නියෝජ්‍ය අධිපතිවරයෙකු ඇතුළු 4 දෙනෙකු අත්අඩංගුවට

මහා බැංකු බැදුම්කර වංචාව සම්බන්ධයෙන් සිදුකරන විමර්ශණවලට අදාලව තවත් පුද්ගලයින් හතරදෙනෙකු අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර ප්‍රකාශ කලේ අත්අඩංගුවට ගත් පිරිස අතර හිටපු මහ බැංකු නියෝජ්‍ය අධිපතිවරයෙකු වන පී. සමරසිරි ඇතුලූ පර්පෙචුවල් ටෙ‍්‍රෂරීස් සමාගමේ අධ්‍යක්ෂවරුන් තුන්දෙනෙකුද සිටින බවයි.