අනුබුදු මිහිඳු මාහිමියන්ගේ ලංකා ගමනය සිහිපත් කරමින් පොසොන් පුර පසළොස්වක පොහෝ දිනය වෙනුවෙන්, හිරු ශ්‍රද්ධාභිවන්දනා මහා අසිරිමත් සම්මා වායාමය ඵෙතිහාසික රුහුණු කතරගම කිරි වෙහෙර පුදබිමේදී අද අලුයම ආරම්භ වුණා.
සම්බුදු සසුනේ චිරස්ථිතිය උදෙසා කුල දරුවන් පැවිදි කිරීම මෙන්ම කිරිවෙහෙර සෑ රදුන් උදෙසා මහා පිංකම් මාලාවක් එහිදී සිදුකෙරෙන්නේ තවත් ආමිෂ සහ ප්‍රතිපත්ති පූජාවන් රැසකට මුල්තැන දෙමින්.
අද (27) උදෑසන හයට ආරම්භ වූ හිරු ශ්‍රද්ධාභිවන්දනා වැඩසටහන සජීවි ලෙස හිරු ටී.වී. සහ හිරු එෆ්.එම්. ඔස්සේ විකාශය වනවා.
සම්බුදු සසුනේ චිරස්ථිතිය උදෙසා කුල දරුවන් පැවිදි කිරීමේ මා හැඟි පිංකම හිරු ශාසනාවතරණය මෙවර පස්වන වරටත් කිරිවෙහෙර පුදබිමේදී පැවැත්වෙනවා.
ආසියානු මාධ්‍ය ජාලයේ සභාපති රේනෝ සිල්වා මහතාගේ සංකල්පයක් මත ක්‍රියාත්මක හිරු ශාසනාවතරණය මහා පිංකමේදී මෙවර සඟ සසුනට පූජා කෙරෙන කුල දරුවන් සංඛ්‍යාව 15 ක්.
කිරිවෙහෙර පුදබිමේදී භික්ෂූණ් වහන්සේ 200 නමක් විෂයෙහි මහා සාංඝික දානමය පුණ්‍ය කර්මයක්ද අද දිනයේදී සිදුකිරීමට නියමිතයි.
හිරු ශ්‍රද්ධාභිවන්දනාවට සමගාමීව සද්ධර්මය අභිෂේක ගන්වනු වස් මොණරාගල දිසාවේ සියලුම පිරිවෙන් සඳහා ත්‍රිපිටක ධර්ම ග්‍රන්ථ පූජා කිරීමේ මහාභිධාන පුණ්‍ය කර්මයක්ද අද සිදුකිරීම විශේෂත්වයක්.
ඵෙතිහාසික පූජණීය කිරිවෙහෙර වහන්සේ වෙත සුවඳ මලින් පුෂ්පෝපහාර දක්වා පංච මහා තූර්ය නාදයෙන් ශබ්ද පූජා පවත්වා සුවඳ දුමින් නැහැවීමේ මහාභිධාන පුණ්‍ය කර්මයද අද පස්වරුවේ සිදු කිරීමට සියලු කටයුතු සූදානම් කර අවසන්.
