Gossips

බැංකු පොලී අනුපාත අඩු කිරිමේ අවශ්‍යතාවයක්

පෞද්ගලික අංශයට නිකුත් කරන ණය ප්‍රමාණය ඉහළ නැංවීම සඳහා බැංකු පොලී අනුපාත අඩු කිරීමේ අවශ්‍යතාව මහබැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි පෙන්වා දෙනවා.
වසරේ දෙවන මූල්‍ය ප්‍රතිපත්ති ඇගයීම් වාර්තාව නිකුත් කිරීම සඳහා ඊයේ පැවති මාධ්‍ය හමුවේදී ඔහු සදහන් කළේ ප්‍රතිපත්ති පොලී අනුපාත අඩු මට්ටමක තිබියදී බැංකු පොලී අනුපාත ඉහළ යාම පිළිගත නොහැකි බවයි.
පෞද්ගලික අංශයට ලබාදෙන ණය වර්ධනය සඳහා බැංකුවල ආන්තික පොලී අනුපාත වෙනස් විය යුතු බව මහබැංකු අධිපතිවරයාගේ අදහසයි. ප්‍රතිපත්ති පොලී අනුපාතවල වෙනසක් ඉන් අනතුරුව සලකා බැලිය හැකි බව ඔහු වැඩිදුරටත් කියා සිටියා.
දැනට පවතින ප්‍රතිපත්ති පොලී අනුපාත තවදුරටත් නොවෙනස්ව පවත්වා ගැනීමටයි මූල්‍ය මණ්ඩලය තීරණය කර ඇත්තේ. එහි අනුපාත කපා හැරීමක් ඉදිරියේදී අපේක්ෂා කළ හැකි බව එමගින් සඳහන් කළා.