Gossips

බැංකු පද්ධතියට රු. කෝටි 9000ක් මුදා හරී

මෙරට බැංකු පද්ධතියට රුපියල් බිලියන 90ක් නිකුත් කිරීමට මහබැංකුව පියවර ගෙන තිබෙනවා.
ඒ, ඇමරිකානු ඩොලරයට එරෙහිව රුපියල රැක ගැනීම සඳහා තැන්පතු වැය කිරීම හේතුවෙන් මතු වූ ද්‍රවශීලතා හිඟයට පිළියමක් වශයෙන්.
එලෙස මහබැංකුව, වාණිජ බැංකු වෙත මුදල් නිකුත් කරනු ලබන්නේ අදාල බැංකු මහබැංකුවේ සිදුකර ඇති අනිවාර්ය තැන්පතු ප්‍රතිශතය සියයට 7.5යේ සිට සියයට 6 දක්වා අඩු කිරීමෙන්.
ඒ අනුව ණය නිකුත් කිරීම, බැඳුම්කර මිලදී ගැනීම සහ ප්‍රාග්ධන වියදම් සඳහා රුපියල් කෝටි නවදහසක් බැංකු පද්ධතිය වෙත ඊයේ සිට එක්වීමට නියමිතව තිබූ බව සඳහන්.