Gossips

බැංකු ක්‍ෂේත්‍රය ස්ථාවරයි

මෙරට බැංකු ක්‍ෂේත්‍රයේ ණය අවදානම් පැතිකඩ ස්ථාවර බව එස්. ඇන්ඩ් පී. ජාත්‍යන්තර විගණන ආයතනය පෙන්වා දෙනවා.
මේ වසර තුළ අක්‍රිය ණය ප්‍රමාණය ඉහළ යා හැකි වුවද, ආර්ථිකයේ වැඩිදියුණු වීම මෙන්ම නියාමනයන් හේතුවෙන් එම තත්ත්වය අපේක්ෂා කළ හැකි බවයි එමඟින් සඳහන් කළේ.
පසුගිය වසර කිහිපය තුළ මෙරට බැංකු ක්‍ෂේත්‍රයේ කැපී පෙනෙන වර්ධනයක් දක්නට ලැබුණද මේ වසරේදී දක්නට ලැබෙන්නේ අගරු ණය ප්‍රමාණය ඉහළ යාමේ ප්‍රවණතාවක්.
කෙසේ නමුත් බැංකු ක්‍ෂේත්‍රයේ අවදානම් පැතිකඩ ඍණාත්මක මට්ටමේ සිට ස්ථාවර ලෙස වෙනස් කිරීමටද එස්.ඇන්ඩ් පී. ගෝලීය විගණන ආයතනය පියවර ගෙන තිබෙනවා.