Gossips

බාල වයස්‌කාර දැරියක්‌ පියා සහ බාප්පා විසින් දූෂණය කරයි

පහළොස්‌ හැවිරිදි බාල වයස්‌කාර දැරියක්‌ දූෂණය කිරිම සම්බන්ධයෙන් ඇයගේ පියා සහ බාප්පා යක්‌කලමුල්ල පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන තිබෙනවා.
පොලිසියට ලැබි ඇති පැමිණිල්ලට අනුව මෙම සිසුවියගේ මව සහ පියා නිත්‍යානුකුව වෙන්ව ඇති අතර ඔවුන්ගේ දරුවන් දෙදෙනා අධිකරණය මගින් පියාට භාර දී ඇති බවත් ඒ අනුව දැරිය මිත්තණියගේ නිවසේද ඇයගේ සොහොයුරා ඒ අසලම නිවසක පියා සමගද ජීවත්ව සිටින විට පියාගේ මල්ලි පැමිණ ඇයට බරපතළ ලිංගික අපයෝජනයක්‌ සිදුකර තිබෙන බවත් සදහන්.
එම සිද්ධිය මිත්තණියට පැවසූවිට බාප්පා එහෙම කරනවාදැයි යනුවෙන් අසා මිත්තණිය සිද්ධිය යටපත් කර තිබෙනවා.
මේ අතර ඇය වැඩිවියට පත්වීමෙන් පසු පියා විසින් තමා පදිංචි නිවසට ඇය කැඳවාගෙන ගොස්‌ ඇය දූෂණය කර තිබෙනවා.
එම සිද්ධියද මිත්තණියට පැවසුවිට තාත්තල එහෙම කරවාදැයි අසා එම සිද්ධියද යටපත් කළ බවයි වාර්තාවන්නේ.
මේ අතර ඇය පාසලේදි ලොකු අම්මාගේ දියණියක්‌වන ඥාති සහෝදරියකට සිද්ධිය පැවසිමෙන් පසු ඇය ඒ බව කොළඹ සිටින දැරියගේ මවට පවසා තිබෙන අතර පසුව මව පැමිණ පොලිසියට පැමිණිලි කර තිබෙන බව සදහන්.
අත්අඩංගුවට ගන්නා ලද පියා, බාප්පා කරාපිටිය රෝහලේ අධිකරණ වෛද්‍යවරයාට ඉදිරිපත් කිරීමෙන් පසු ගාල්ල අතිරේක මහේස්‌ත්‍රාත්වරිය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බවත් පැවසේ.