Gossips

බාල වයස්කාර දැරියක් දූෂණය කළ බාල වයස්කරුවන් දෙදෙනෙක් රක්ෂිත බන්ධනාගාරයට

වයස අවුරුදු 12ක බාල වයස්කාර දැරියක් දූෂණය කළ වයස බාල වයස්කරුවන් දෙදෙනෙක් රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා.
සැකරුවන් දෙදෙනා වාලච්චේන අධිකරණයට ඊයේ (29) ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගතකර ඇත්තේ.
වාකරේ පොලිසියට සිදුකළ පැමිණිල්ලකට අනුව පෙරේදා (28) දිනයේදී සැකකාර බාල වයස්කරුවන් දෙදෙනා අත්අඩංගුවට ගත් බවයි පොලිසිය සඳහන් කළේ.
14 සහ 16 යන වයස්වල පසුවන සැකකරුවන් දෙදෙනා විසින් අවස්ථා දෙකකදී 12 හැවිරිදි දැරිය කැලෑවකට රැගෙන ගොස් දූෂණයකර ඇති බවයි වාර්තා වන්නේ.
අදාල 12 හැවිරිදි දැරිය ඇයගේ ඥාතියෙකුගේ නිවසේ සිට පාසල් ගොස් ඇති බව සදහන්.