Gossips

බාල වයස්කාර දැරියක් කෙලෙසූ 20 හැවිරිදි තරුණයා බන්ධනාගාරයට

බාල වයස්කාර දැරියක් දූෂණය කළ බවට චෝදනා ලැබූ 20 හැවිරිදි තරුණයෙක් ලබන 18 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මිනුවන්ගොඩ වැඩබලන මහේස්ත්‍රාත්වරිය ඊයේ (06) නියෝග කළා.
ඒ සැකකාර තරුණයා මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමෙන් අනතුරුවයි.
පසුගිය 29 වනදා පාසලෙන් සංවිධානයකර තිබූ අධ්‍යාපන චාරිකාවකට සහභාගී වීම සඳහා දැරියගේ පියා විසින් එදින අලුයම 4.30ට පමණ දැරිය පාසල අසලට ගෙනවිත් ඇරලවා තිබෙනවා.
දැරියගේ පියා දැරිය ඇරලවා පාසලෙන් පිටව ගිය පසු අදාල දැරිය අධ්‍යාපන චාරිකාවට සහභාගී නොවී සැකකාර තරුණයා සමඟ යතුරුපැදියක නැගී මිනුවන්ගොඩ ප්‍රදේශයේ පිහිටි තරුණයාගේ ඥාතියෙකුගේ නිවසට ගොස් ඇති බවටයි තොරතුරු අනාවරණය වී ඇත්තේ.
ඔවුන් දෙදෙනා එම දිනය තුල එහි රැඳී සිට ඇති අතර එම අවස්ථාවේ තරුණයා විසින් මෙම බාල වයස්කාර දැරිය දූෂණයකර ඇති බව සඳහන්.
අධ්‍යාපන චාරිකාවට සහභාගී වූ දැරියගේ මිතුරියක් ඔවුන් චාරිකාව අවසන්කර නැවත පැමිණි බව දන්වමින් ලබාදුන් දුරකථන ඇමතුමකට පසු තරුණයා විසින් එදින සවස දැරිය පාසල අසලට නැවත ගෙනවිත් ඇරලවා තිබෙනවා.
කෙසේ වෙතත් අධ්‍යාපන චාරිකාවක සහභාගී වන බව පවසමින් නිවසින් පැමිණි දැරිය චාරිකාවට සහභාගී නොවූ බව දැනගත් ඇයගේ දෙමව්පියන් දැරියගෙන් ඒ සම්බන්ධයෙන් කළ විමසීමකදී දැරිය සියලු තොරතුරු පවසා ඇති බවයි වාර්තා වන්නේ.
අනතුරුව මේ සම්බන්ධයෙන් මව්පියන් විසින් දිවුලපිටිය පොලිසියට කළ පැමිණිල්ලකට අනුව සැකකාර තරුණයා අත්අඩංගුවට ගෙන ඇති අතර දැරිය වෛද්‍ය පරික්ෂයක් සඳහා ඉදිරිපත්කර තිබෙනවා.
වෛද්‍ය පරික්ෂණයේදී ඇය දූෂණයට ලක්ව ඇති බවට කරුණු අනාවරණය වී අතර ඇය මීගමුව ප්‍රදේශයේ ළමා නිවසක රඳවා තබන ලෙසට අධිකරණය පොලිසියට දැනුම් දුන් බවයි අප වාර්තාකරු සඳහන් කළේ.