බාලවයස්කරුවන්ට දුම්වැටි අලෙවි කළ වෙළඳුන් 20 දෙනෙකුට එරෙහිව නීතිමය පියවර ගැනීමට හැටන් සුරාබදු කාර්යාලයේ නිලධාරින් කටයුතු කර තිබෙනවා.
ලද තොරතුරක් මත උපාය දුතයකු යොදවා නොර්වුඩ්, බගවන්තලාව සහ කැම්පියන් ප්‍රදේශවල ඊයේ මෙම වැටලීම් සිදු කර ඇති බවයි හිරු වාර්තාකරු සඳහන් කළේ.
මෙම වෙළඳුන්ට එරෙහිව හැටන් මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ නඩු පැවරීමට නියමිතයි.
