Gossips

බාලවයස්කාර දැරියක් අතරවරයට ලක් කළ 26 හැවිරිදි තරුණයා

අරණායක පොලිස් බල ප්‍රදේශයේ 15 හැවිරිදි බාලවයස්කාර දැරියක් 26 හැවිරිදි තරුණයෙකු විසින් අවස්ථා දෙකක දී ලැඟුම්හලක සහ නිවසක රඳවාගෙන අතරවරයට ලක් කිරිමේ පුවතක් අරණායක පොලිසියට ඊයේ (28) වාර්තා වුණා.
ඒ අනුව එම වරද සිදුකරන ලද තරුණයා ඇතුලු තවත් තිදෙනෙක් පොලිසිය විසින් මේ වන විට අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසනවා.
අතවරයට ලක්ව ඇති මෙම බාලවයස්කාර තරුණියගේ හොඳම මිතුරිය විසින් ඇයට මෙම තරුණයාගේ ජංගම දුරකථන අංකය ලබා දීමෙන් පසුව පවසා ඇත්තේ තමන් කලින් පෙම් කරන ලද තරුණයා ඔහු බවත් ඇයට ද අවශ්‍ය නම් ඔහු සමඟ කථා කරමින් හදුනාගන්නා බවයි.
ඊට කැමැත්ත ලබාදුන් අතරවරයට ලක් වු දැරිය එම එම තරුණයාගේ ජංගම දුරකථන අංකයට කථා කරමින් ඔහු හදුනාගෙන ඇති බව පොලිසිය පවසනවා.
දැරිය සහ තරුණයා අතර කථා බහ නිරන්තරයෙන් සිදුව ඇති අතර තරුණයාගේ ජංගම දුරකථන අංකයට බාලවයස්කාර දැරිය අත ඇති ජංගම දුරකථනය භාවිත කර නිවසේ දි ඉතා රහසිගතව පෙම් බස් දොඩන ලද මෙම දෙදෙනා විසින් හමුවී කථා බස් කිරිමට දිනයක් කථිකා කරගෙන තිබෙනවා.
ඒ අනුව මාවනැල්ල නගරයේ ස්ථානයකදි හමුවු පළමු දවසේදිම දැරිය කැමැති කරවාගත් තරුණයා ඇයව ලැඟුම්හලක් වෙත කැඳවාගෙන ගොස් අතරවරයට ලක් කර ඇති බව පොලිසිය පවසනවා.
එයින් නොනැවතුනු මෙම දෙදෙනාගේ පළමු හමුවෙන් පසුව නැවත වතාවක් උස්සාපිටිය නගරයේදි පසුගිය 20 වැනිදා හමුවී එදින ද තරුණයා විසින් ත්‍රිරෝද රථයකට දැරිය නංවා ගෙන පාළු නිවෙසක් වෙත කැඳවාගෙන ගොස් එහිදී ද මෙම තරුණයා විසින් ඇයව අතරවරයට ලක් කර ඇති බව පොලිසිය පවසනවා.
මේ ආකාරයෙන් අවස්ථා දෙකකදිම මෙම දැරිය නිවසින් පිටවි ඇත්තේ අමතර පන්ති වලට සහභාගි වන බව දෙමාපියන් වෙත දැන්වීමෙන් පසුවයි.
නමුත් අතවරයට ලක් වු දියණියගේ මවට තම දියණීයගේ හැසිරිම වෙනදා මෙන් නොව යම් සැකයක් තිබෙන නිසා මේ සම්බන්ධයෙන් මව විසින් අරණායක පොලිසිය වෙත පැමිණිලි කර තිබෙනවා.
ඒ අනුව තරුණයාගේ ජංගම දුරකථන අංකය පමණක් සොයා ගත් අරණායක පොලිසිය ඒ ඔස්සේ පුළුල් විමර්ශනයතක් ආරම්භ කර අතරවරයට ලක් වු දියණියගෙන්ද කට උත්තර ලබා ගැනිමෙන් පසුව ප්‍රධාන සැකකරු මෙන්ම සෙසු සැකකරුවන්ද අත්අඩංගුවට ගෙන ඇත්තේ ඉතා කෙටි කාලයක් ඇතුලතයි.
එහිදි අත්අඩංගුවට පත් වි ඇති 26 හැවිරිදි තරුණයා අරණායක දීවෙල, කන්දේමුල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර ඔහුට මෙම අතරවරය සඳහා උදව් කළ ත්‍රිරෝද රථ රියදුරා, ලැඟුම්හලේ කළමණාකරු, පාළු නිවසේ යතුර ලබා දුන් තැනැත්තා දැනට අත්අඩංගුවට ගෙන වැඩිදුරටත් පරික්ෂණ සිදුකරන බව පොලිසිය පවසනවා.
ජංගම දුරකථන අංකය දැරියට ලබා දුන් යෙහෙළියගෙන් ද පොලිසිය කටඋත්තර ලබා ගෙන ඇති අතර වෛද්‍ය පරික්ෂණයක් සිදුකිරීමට දැරිය මාවනැල්ල මහ රෝහල වෙත ඇතුලත් කර මේ වන විට එහි ප්‍රතිකාර ලබන බව පොලිසිය පවසනවා.